පසුගිය අප්‍රේල් මස සිට චීනය වෙත අන්‍යෝන්‍ය තීරුබදු බොහෝ වතාවක් පැනවීම ඇමරිකාව ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධයෙන් චීනය දැඩි ලෙස ප්‍රති පියවර ගෙන තිබේ. චීන රජය පසුගිය දා(19) පළ කළ පසුගිය අප්‍රේල් මස ආර්ථික තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛනයට අනුව දෙස් විදෙස් අසීරුතාවන් රාශියකට මුහුණ දුන්න ද මෙම වසරේ මුල් මස 4 තුළ චීන ආර්ථිකය ස්ථීර ලෙස වර්ධනය වෙමින් පවතී. ඒ අතරින් ගෙවී ගිය මාස 4 තුළ චීන විදේශ වෙළඳාම යහපත් ලෙස වර්ධනය වී ඇති අතර අපනයන ප්‍රමාණය පසුගිය වසරේ අගයට සාපේක්ෂව සියයට 7.5කින් වැඩි වී ඇත. චීන ආර්ථිකයේ ප්‍රබල ශක්‍යතාව හා කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉන් පිළිබිඹු වේ.
අප්‍රේල් මස සිට සංචිත අනුපාතය සහ පොලී අනුපාතය අඩු කිරීම ඇතුළු වඩාත් සක්‍රීය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවා ඇති චීනය ආර්ථික අඛණ්ඩ වර්ධනය සාක්ෂාත් කර ගැනීමට සමත්ව තිබේ.
වර්තමානයේ චීනයේ සංවර්ධන හා පර්යේෂණ අංශයේ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලොව ප්‍රථම ස්ථානය ගන්නා අතර චීනයේ සංවර්ධනය හා පර්යේෂනය සඳහා වන සමස්ත ආයෝජන ප්‍රමාණය ලෝකයේ දෙවැනි ස්ථානය ගනී. එබැවින් චීනයේ නිර්මාණශීලි පරිසරය හා විවෘතභාවය මගින් විදේශ සමාගම්වලට යහපත් බව, සුරක්ෂිත බව මෙන්ම දැවැන්ත විභවයක් සහිත ආයෝජන ගමනාන්තයක් සහතික කර ඇත.
චීන-ඩෙන්මාර්ක වාණිජ මණ්ඩල ප්‍රධානියා වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යොමු කළ පිළිතුරු ලිපියේ සඳහන් වන පරිදි චීනයේ ආයෝජනය කිරීම අනාගතය සඳහා සිදු කරන ඵලදායී ආයෝජනයකි.
More Stories
ඇමරිකාව සෙසු රටවල විද්‍යා හා තාක්ෂණ සංවර්ධන අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව චීනය කියයි
චීනය තවත් චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි
චීන ජනපති නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ වැදගත්කම අවධාරණය කරයි