චීන ජනපති Henan පළාතේ නිරීක්ෂණ චාරිකාවක

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Henan පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි. සංචාරය අතරතුර, හෙතෙම ඊයේ(19) සවස  Luoyang නගරයේ පිහිටි LYC Bearing සමූහ සංස්ථාව, Baima පන්සල, Longmen ගල් ගුහාව නිරීක්ෂණය කළේය. ඉහළ මට්ටමේ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනය, ඓතිහාසික, සංස්කෘතික උරුම සංරක්ෂණය හා භාවිතය, සංස්කෘතිය හා සංචාරය සම්බන්ධ කර්මාන්ත ඉහළ මට්ටමක් දක්වා සංවර්ධනය වී ඇති ආකාරය පිළිබඳ හෙතෙම තොරතුරු විමසා බැලීය.

1954 වසරේ ස්ථාපිත කෙරුණු LYC සංස්ථාව, චීනයේ ‘පළමුවැනි පස් අවුරුදු සැළැස්ම’ තුළින් නියම කරන ලද ප්‍රධාන ව්‍යාපෘති 156ට අයත් ‍වූවකි. ගතවූ වසර 70කට අධික කාලයක් තුළ, එහි නිෂ්පාදන, සුළං බල විදුලි උත්පාදනය, පීලි සහිත ප්‍රවාහන සේවා, මෝටර් රථ හා යතුර පැදි ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා යොදා ගෙන ඇත.

Longmen ගල් ගුහාවේ ඉදි කිරීමේ කටයුතු ආරම්භ වූයේ වසර 493 දීය. වසර 400කට වැඩි කාලයක් ඉදි කරන ලද එම ගල් ගුහාව, ‘චීනයේ ගල් ගුහා 4’න් එකක් යන විරූදාවලිය ලබා ඇත. 2000 වසරේ පැවති UNESCO සංවිධානයේ 24 වැනි ලෝක උරුම සම්මේලනයේ දී එය‘ලෝක උරුම නාම ලැයිස්තුව’ට ඇතුළත් කෙරිණ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com