“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

“ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම සහ පලස්තීන ගැටලුවට පුළුල්, සාධාරණ හා දිගුකාලීන විසඳුමක් කඩිනමින් ලබා ගැනීම සඳහා චීනය සාමය වෙනුවෙන් පෙනී සිටින සියලු රටවල් සමග කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා පවසයි. ඔහු ඊයේ(15) පැවති පලස්තීන “නක්බා දින” අනුස්මරණ උත්සවයේදී මේ බව ප්‍රකාශ කළේ ය.

පලස්තීන ප්‍රශ්නය මැදපෙරදිග ගැටලුවේ හරය වන බවත්, එය මැදපෙරදිග කලාපයේ දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වයට සෘජුව සම්බන්ධ වන බවත් Geng Shuang මහතා එහිදී පෙන්වා දුන්නේ ය. “ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම යනු පලස්තීන ගැටළුව විසඳීමට ඇති එකම සහ මනාම මාර්ගයයි. වර්තමානයේ කඩිනමින් සිදු කළ යුත්තේ ගාසා තීරයේ දිගුකාලීන සටන් විරාමයක් ආරම්භ කිරීම බවත් එමගින් මානුෂීය ව්‍යසනය සමනය වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර  ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com