වඩාත් සාධාරණ ලෝකයක් සහ වඩාත් තිරසර ග්රහලොවක් සඳහා පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල හවුල ගොඩනැඟීම මෙන්ම, බහුපාර්ශ්විකත්වය ඒකාබද්ධව ආරක්ෂා කිරීම පිළිබඳ චීනය සහ බ්‍රසීලය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව, බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva මහතා පසුගිය 10 වැනිදා සිට හෙට(14) දක්වා චීන නිල සංචාරයක නිරතව සිටී. සංචාරය අතරතුර, දෙපාර්ශ්වය සහයෝගිතා ලියකියවිලි මාලාවකට අත්සන් තැබූ අතර, චීන-බ්‍රසීල ඒකාබද්ධ ප්‍රකාශය ද නිකුත් කළහ.
එම ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, වඩාත් සාධාරණ ලෝකයක් සහ වඩාත් තිරසර ග්රහලොවක් සඳහා පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල හවුල ගොඩනැඟීම මෙන්ම, බහුපාර්ශ්විකත්වය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.
“බ්‍රසීලයේ නව කාර්මික සැලැස්ම” ඇතුළු බ්‍රසීලයේ ප්‍රධාන සංවර්ධන උපාය මාර්ග පෙළගැස්වීමෙන් පසු ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශ්වයම සතුට පළ කළහ.
වත්මන් ජාත්‍යන්තර තත්ත්වය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අභියෝග කෙරෙහි අවධානය යොමු කරන ලෙස දෙරටේ නායකයෝ ඉල්ලා සිටියහ. චීන-බ්‍රසීල සබඳතාව, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගීතාවයේ ආදර්ශයක් බව ඔවුහූ විශ්වාස කරති.
දෙරට අතර සමාජ හුවමාරුව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, 2026 වසර “චීන-බ්‍රසීල සංස්කෘතික වර්ෂය” ලෙස නම් කිරීමට ඇති කැමැත්ත දෙරටේ නායකයෝ නැවත පළ කළහ.
එකම චීනය යන මූලධර්මයට අනුගත වීම බ්‍රසීලය නැවත අවධාරණය කළේ ය. රට සාමකාමීව එක්සත් කිරීම සඳහා චීනය දරන උත්සාහයන්ට බ්‍රසීලය සහාය දක්වයි. චීනය මේ පිළිබඳ ඉහළින් අගය කරයි.
මෙම සංචාරය ගෙවුණු වසර දෙක තුළ බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva මහතා චීනයේ සිදු කළ දෙවන රාජ්‍ය සංචාරයයි. මෙයට විශාල රාජ්‍ය තාන්ත්‍රික වැදගත්කමක් ඇති බවත්, මෙය දෙපාර්ශ්වය අතර මිත්‍රශීලී සබඳතා අඛණ්ඩව තහවුරු කිරීමේ නව සන්ධිස්ථානයක් බවත් දෙරටේ නායකයෝ අවධාරණය කළහ.
More Stories
චීන හා චිලී ජනාධිපතිවරුන් අතර හමුවක්
චීන- ලතින් ඇමරිකා සංසදය දැවැන්ත ජයග්‍රහණ ලබාගෙන ඇතැයි චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි
චීන බරසීල සබදතා තහවුරු කිරීමේ වැදගත්කම දෙරටේ රාජ්‍ය නායකයෝ අවධාරණය කරති