චීන- ලතින් ඇමරිකා සංසදය දැවැන්ත ජයග්‍රහණ ලබාගෙන ඇතැයි චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි. චීන-ලතින් ඇමරිකා සහ කැරිබියන් රාජ්‍යයන්හි ප්‍රජා (CELAC) සංසදයේ 4වැනි ඇමති මට්ටමේ සමුළුව ඊයේ (13) බෙයිජිං හිදී පැවැත්විණ.චීන විදේශ ඇමති වං යී මහතා ඊට එක් වෙමින් ඒ බව පැවසීය.
මීට වසර 10කට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ලතින් ඇමරිකා රටවල නායකයන්ගේ එකඟතාව මත චීන- ලතින් ඇමරිකා සංසදය ස්ථාපිත කෙරිණ. ගෙවුණු දශකය තුළ එම සංසදය ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇත. චීනය හා ලතින් ඇමරිකා රටවල් අතර පවත්නා උපාය මාර්ගික විශ්වාසය මෙන් ම ප්‍රයෝගික සහයෝගිතා පෙරට වඩා ශක්තිමත් වී තිබේ. එසේ ම චීනය හා ලතින් ඇමරිකා රටවල් අතර මිත්‍රත්ව හුවමාරු ද ගෙවුණු දශකය තුළ අඛණ්ඩව වර්ධනය වී ඇතැයි වං යී විදේශ ඇමතිවරයා කියා සිටී. මේ වන විට චීන- ලතින් ඇමරිකා සංසදය චීන-ලතින් ඇමරිකා විස්තීර්ණ හවුල්කාරී සහයෝගිතාව සඳහා වැදගත් වේදිකාවක් බවට පත්ව තිබෙන බව ද චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
චීන හා චිලී ජනාධිපතිවරුන් අතර හමුවක්
චීනය සහ බ්‍රසීලය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි
චීන බරසීල සබදතා තහවුරු කිරීමේ වැදගත්කම දෙරටේ රාජ්‍ය නායකයෝ අවධාරණය කරති