චීන බරසීල සබදතා තහවුරු කිරීමේ වැදගත්කම දෙරටේ රාජ්‍ය නායකයෝ අවධාරණය කරති

{"ARInfo":{"IsUseAR":false},"Version":"1.0.0","MakeupInfo":{"IsUseMakeup":false},"FaceliftInfo":{"IsChangeEyeLift":false,"IsChangeFacelift":false,"IsChangePostureLift":false,"IsChangeNose":false,"IsChangeFaceChin":false,"IsChangeMouth":false,"IsChangeThinFace":false},"BeautyInfo":{"SwitchMedicatedAcne":false,"IsAIBeauty":false,"IsBrightEyes":false,"IsSharpen":false,"IsOldBeauty":false,"IsReduceBlackEyes":false},"HandlerInfo":{"AppName":2},"FilterInfo":{"IsUseFilter":false}}

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඒ ඊයේ (13)පස්වරුවේ බෙයිජිං අගනගරයේ පිහිටි මහජන මහ ශාලාවේදී  ය.

චීන-බ්‍රසීල රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරය පසුගිය වසරට යෙදී තිබිණ.ඒ අවස්ථාවේදී වඩාත් සාධාරණ හා තිරසර ලොවක් නිර්මාණය උදෙසා, පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල පොදු හවුලක් ස්ථාපිත කිරීමට දෙරට එකඟ වූහ. නව යුගයේ චීන-බ්‍රසීල උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර චීන- බ්‍රසීල පොදු ඉරණමක් සහිත හවුලක පදනම තහවුරු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. සහයෝගිතා ව්‍යාප්ත කර චීන -බ්‍රසීල පොදු ඉරණමක් සහිත හවුලක් ගොඩනැගීම පූර්ණ කළ යුතු ය.එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා බ්‍රසීලයේ සංවර්ධන උපායමාර්ගය ඵලදායික ව සම්බන්ධ කිරීම තහවුරු කළ යුතු අතර දෙර‍ටේ ඒ ඒ සහයෝගිතා යන්ත්‍රවල කාර්යභාරයන් ප්‍රවර්ධනය කරමින් දෙරටේ ප්‍රායෝගික සහයෝගිතාවන්ට නව සංවර්ධන ශක්තියක් ගොඩනැගිය යුතු බව ද හෙතෙම පැවසීය. එමෙන්ම මානව හුවමාරු අඛණ්ඩව පවත්වා චීන- බ්‍රසීල පොදු ඉරණමක් සහිත හවුලට ශක්තිය ලබා දිය යුතු ය. බහුපාර්ශ්වික සම්බන්ධීකරණය අනුගමනය කරමින් චීන- බ්‍රසීල පොදු ඉරණමක් සහිත හවුල බලපෑම ඉහළ නංවා ගත යුතු ය.දෙරට එක්පාර්ශ්වවාදය ,ආරක්ෂණවාදය හා විවිධ බාධ කිරීම්වලට පැහැදිලිව විරෝධ පළ කළ යුතු බව එහි දී ප්‍රකාශ කෙරිණ.

බ්‍රසීලය චීනය සමඟ උපායමාර්ගික සහයෝගිතා තහවුරු කරමින් චීන- බ්‍රසීල පොදු ඉරණමක් සහිත හවුලක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා එහිදී ප්‍රකාශ කළේ ය. බ්‍රසීලයේ සංවර්ධන උපායමාර්ගය හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සම්බන්ධ කරමින් දෙරටේ ආර්ථික, වෙළඳාම, යටිතල පහසුකම්, අභ්‍යවකාශ, මූල්‍ය යන ක්ෂේත්‍රවල පවතින සහයෝගීතාව ගැඹුරු කිරීමට බ්‍රසීලය කැමැත්තෙන් සිටී.ජාත්‍යන්තර කටයුතුවලදී චීනය සමඟ උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කර ගෝලීය දකුණේ පොදු අවශ්‍යතා පොදුවේ ආරක්ෂා කර ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට බ්‍රසීලය කැමැත්තෙන් සිටින බවද බ්‍රසීල ජනාධිපතිවරයා පවසා ඇත.

ඊට අමතරව යුක්‍රේන සම්බන්ධයෙන් ද දෙරටේ නායකයෝ එහිදී අදහස් හුවමාරු කර ගත්හ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com