ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මහතාගේ නායකත්වයෙන් යුතු එරට නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් ඊයේ(03) මේ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මහතාගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂය ඊයේ පැවති ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව වාර්තා වීමත් සමග චීන විදේශ අමාත්‍යංශය මෙම ප්‍රතිචාරය දක්වා ඇත.
එමෙන්ම, දෙරට නායකයන් අතර ඇති කර ගත් වැදගත් පොදු එකඟතාවයන්හි මූලික මගපෙන්වීම් යටතේ, දෙපාර්ශ්වය වඩාත් පරිණත, ස්ථාවර සහ ඵලදායී උපායමාර්ගික සහයෝගීතාවයක් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරේ. එය දෙරට ජනතාවගේ යහපත තවදුරටත් ප්‍රවර්ධනය කරන අතරම, කලාපීය හා ගෝලීය සාමය හා ස්ථාවරත්වයට ධනාත්මක දායකත්වයක් ලබා දෙනු ඇති බව චීන විදේශ අමාත්‍යංශය කියාසිටී.
More Stories
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි