චීන රජයෙන් ලබා දෙන හදිසි මානුෂීය භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි. එම කටයුතු අද(02) යැංගොන් වරායේදී සිදු විය. ඩීසල් ටොන් 18,000 ක් ඇතුළත් වන මෙම සැපයුම් තොගය පසුගිය 30 වැනිදා පස්වරුවේ යැංගොන් වරායට පැමිණ ඇත.

වර්තමානයේ, මියන්මාරයට සහාය වන චීන රජයේ සෞඛ්‍ය හා වසංගත වැළැක්වීමේ කණ්ඩායම මියන්මාරයේ මැන්ඩලේ හි පශ්චාත් ආපදා සෞඛ්‍ය හා වසංගත වැළැක්වීමේ කටයුතු පුළුල් ලෙස ක්‍රියාත්මක කරමින් සිටී. ඔවුන් විසින් මදුරුවන්ගෙන් බෝවන රෝග නිරීක්ෂණය, පාරිසරික විෂබීජහරණය, පශ්චාත් ආපදා මනෝවිද්‍යාත්මක සේවා සහාය සහ සෞඛ්‍ය අධ්‍යාපන සේවා යනාදී කටයුතු සිදු කරනු ලබයි.
මාර්තු 28 වැනිදා මධ්‍යම මියන්මාරයේ ඇති වූ මහා භූමිකම්පාවෙන් මේ වන විට 3,800 කට ආසන්න පිරිසක් මිය ගොස් 5,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්