අන්‍යෝන්‍ය තීරුබදු ගැටළු සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කරමින්, අදාළ පාර්ශ්වයන් හරහා ඇමරිකාව චීනයට අවස්ථා රැසකදීම පණිවුඩ ලබා දී ඇත. එබැවින් ඒ පිළිබඳ ඉදිරියේදී සලකා බලමින් ඇගයීමක් සිදු කරන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අද(02) සඳහන් කළේය.
ඇමරිකාවට සාකච්ඡා සඳහා යොමු වීමට අවශ්‍ය නම්, පළමුව සිය අවංකභාවය පෙන්නුම් කළ යුතු ව ඇත. එමෙන්ම සිය වැරදි ප්‍රතිපත්ති වහාම නිවැරදි කර ගනිමින්, ඒකපාර්ශ්වික තීරුබදු ඉවත් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සූදානම් වෙමින් පුළුල් ක්‍රියාමාර්ග ගත යුතු බව ද චීන වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්