චීනයේ ඊනියා “අතිරික්ත නිෂ්පාදන ධාරිතාව” සම්බන්ධයෙන් ඇමරිකාව සහ අනෙකුත් රටවල අසත්‍ය චෝදනා චීනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. ලෝක වෙළඳ සංවිධානයේ සහනාධාර සහ ප්‍රති-සහන පියවර ගැනීමේ කමිටුව පසුගියදා(29) පැවති රැස්වීමේදී චීන නියෝජිතයෙක් මේ බව සඳහන් කළේ ය.
ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” ප්‍රතිපත්තිය සහ අසාධාරණ සහනාධාර ප්‍රතිපත්තිය ලෝක වෙළඳ සංවිධානයේ නීති බරපතල ලෙස උල්ලංඝනය කරන බව චීනය එහිදී සඳහන් කර තිබේ.
ඇමරිකාව සිය තරගකාරීත්වය සහ වෙළඳපල කොටස පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බැවින් චීනයේ “අතිරික්ත නිෂ්පාදන ධාරිතාව” පිළිබඳව පදනම් විරහිත චෝදනා එල්ල කර ඇත. එමෙන්ම චීනය මර්දනය කිරීම සඳහා “අතිරික්ත නිෂ්පාදන ධාරිතාව” නිදහසට කරුණක් ලෙස භාවිත කරන ඇමරිකාව තමන්ගේ ඒකපාර්ශ්විකත්වයේ සහ වෙළඳ ආරක්ෂණවාදයේ පියවර එමගින් වසන් කිරීමට උත්සාහ ගනී.
ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” ප්‍රතිපත්තිය ගෝලීය වෙළඳාමට බාධා කරන බවත්, සංවර්ධනය වෙමින් පවතින සාමාජිකයින්ගේ අවශ්‍යතාවලට හානි කරන බවත් චීනය පෙන්වා දුන්නේ ය. මේ අතර චීනය සෑම විටම සංවර්ධනය වෙමින් පවතින සාමාජිකයින් වෙනුවෙන් ස්ථිරව පෙනී සිටින අතර, ගෝලීය වෙළඳාමේ ස්ථාවර වර්ධනයට වැදගත් දායකත්වයක් ලබා දෙන බව ද චීන පාර්ශ්වය එහිදී සඳහන් කළේය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්
කලාපය තුළ මතවාදී කණ්ඩායම් ගොඩනැගීම සහ කලාපීය ආතතීන් උත්සන්න කිරීමට දරන ඕනෑම උත්සාහයකට විරුද්ධයි –චීනය