කලාපය තුළ කුඩා කණ්ඩායම් ගොඩනැගීම සහ කලාපීය ආතතීන් උත්සන්න කිරීමට දරන ඕනෑම උත්සාහයකට විරුද්ධ බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(30) බෙයිජිංහිදී පැවති මාධ්‍ය හමුවක දී මේ බව කියාසිටියේය. ජපානය සහ පිලිපීනය ඊයේ(29) නායක සමුළුවක් පවත්වමින් ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීමට සහ නැගෙනහිර චීන මුහුදේ සහ දකුණු චීන මුහුදේ තත්ත්වය වෙනස් කරන ඒකපාර්ශ්වික බලවේගවලට විරුද්ධ වීමට දෙරට එකඟ වී ඇත. මේ බව එම මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙක් සඳහන් කරමින් මේ සම්බන්ධව චීනයේ අදහස කුමක් දැයි විමසා සිටියේය.
දෙවන ලෝක යුද සමයේදී ජපානය, පිලිපීනය ඇතුළු රටවල් ආක්‍රමණය කර එම රටවල් යටත් විජිතයක් බවට පත් කළ බවත්, එබැවින් ජපානය බරපතල ඓතිහාසික වගකීමක් දැරිය යුතු බවත් Guo Jiakun මහතා පැවසීය.
සාමකාමී සංවර්ධන මාවත අනුගමනය කරන ලෙසත් හමුදා ආරක්ෂක ක්ෂේත්රයේ කටයුතු සුපරීක්ෂාකාරීව සිදු කරන ලෙසත් චීනය ජපානයෙන් ඉල්ලා සිටී. කලාපය තුළ කුඩා කණ්ඩායම් ගොඩනැගීම සහ කලාපීය ආතතීන් උත්සන්න කිරීමට දරන ඕනෑම උත්සාහයකට චීනය විරුද්ධ වන බව ද Guo Jiakun මහතා සඳහන් කර ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්