Boeing සමාගම චීනයට ලබා දීමට නියමිත ගුවන් යානා නැවත ඇමරිකාවට යැවීම පිළිබඳ, චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශයක් සිදු කරයි.
ඇමරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්ති ගෝලීය කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වයට දැඩි ලෙස බලපා ඇති බවත්, එමගින් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවා වෙළඳපොළ කඩාකප්පල් කර ඇති බවත් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අද(29) පැවසුවේ ය.
මෙම තීරුබදු පියවර බොහෝ සමාගම්වල සාමාන්‍ය වෙළඳ හා ආයෝජන කටයුතුවලට බාධා සිදු ව තිබේ. චීනයේ අදාළ ගුවන් සමාගම්වලට සහ ඇමරිකාවේ Boeing සමාගමට ද ඉන් විශාල හානි සිදු වී ඇති බව ඔහු කියා සිටියේය.
දෙරට ව්‍යවසායන් අතර සාමාන්‍ය ව්‍යාපාරික සහයෝගීතාවයට අඛණ්ඩව සහාය දීමට චීනය කැමැත්තෙන් සිටින බවත්, ඇමරිකාවට ව්‍යවසායන්ගේ අවශ්‍යතා සලකා බලමින් සාමාන්‍ය වෙළඳ හා ආයෝජන කටයුතු සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්