පාකිස්ථාන ජල සම්පත් මාරු කිරීමට හෝ අවහිර කිරීමට ඉන්දියාව ගන්නා ඕනෑම උත්සාහයකට පාකිස්ථානය දැඩි ප්‍රතිපියවර ගනු ඇතැයි පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා පවසයි.
ජලය රටේ වැදගත් ම අත්‍යවශ්‍යතාවයක් බව ද Shehbaz Sharif මහතා ඊයේ (26) ප්‍රකාශ කළේය. ඕනෑම ආකාරයේ බාහිර මැදිහත්වීමක් පාකිස්ථානයේ දැඩි විරෝධයට ලක් වනු ඇති අතර, ජාතික වශයෙන් වැදගත් මූලික අවශ්‍යතාවලදී පාකිස්ථානය කිසිදා යටත් නොවන බව ද ඔහු අවධාරණය කර ඇත.
ඉන්දු ගංඟාවේ සහ එහි අතු ගංඟාවල ජල සම්පත් බෙදා හැරීම පිළිබඳව, 1960 දී ඉන්දියාව සහ පකිස්ථානය අතර ඉන්දු ජල ගිවිසුම අත්සන් කෙරිණ. එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන බව ඉන්දීය රජය පසුගියදා ප්‍රකාශ කළේය. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දීය පාලිත කාශ්මීරයේ සිදු වූ පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ වෙඩි තැබීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙනි.
එම ප්‍රහාරය පිළිබඳ ඉන්දියාවේ චෝදනාව පදනම් විරහිත බව Shehbaz Sharif මහතා සඳහන් කළේය. ඕනෑම ආකාරයේ මධ්‍යස්ථ හා විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයකට පාකිස්ථානය සහභාගී වීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය. පාකිස්ථානය ඕනෑම ආකාරයේ ත්රස්තවාදයක් හෙළා දකින බව Shehbaz Sharif මහතා යළි අවධාරණය කර ඇත.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්