චීන-දකුණු කොරියානු සමුද්‍රීය කටයුතු සංවාදය හා සහයෝගීතා යාන්ත්‍රණය පිළිබඳ තුන්වන රැස්වීම පසුගිය (23) දකුණු කොරියාවේ Seoul නුවර දී පැවැත්විණ.
චීන විදේශ අමාත්‍යංශයේ දේශසීමා හා සාගර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Hong Liang මහතා සහ දකුණු කොරියානු ඊසානදිග ආසියා සහ මධ්‍යම ආසියා කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ. දෙරටේ මුහුදු කටයුතු හා සම්බන්ධ ආයතනවල නියෝජිතයන් ඊට එක් විය.
දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් එහිදී පූර්ණ සමුළුව සඳහා මෙන්ම සාගර නියෝග හා ප්‍රායෝගික සහයෝගිතා සම්බන්ධයෙන් පැවති නියෝජිත කණ්ඩායම් රැස්වීම වෙන් වෙන් ව පැවැත්විය. චීනය හා දකුණු කොරියාව අතර සාගර කටයුතු පිළිබඳව ඔවුහු මෙහිදී ගැඹුරු ව අදහස් හුවමාරු කළහ.
චීනය හා දකුණු කොරියාව අතර සාගර කටයුතු පිළිබඳ සංවාදය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සක්‍රීය ලෙස අගය කළහ. තවද සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමට, සාගර වෙනස්කම් නිසි ලෙස පාලනය කිරීමට මෙන්ම, සමුද්‍රීය සීමා නියම කිරීමේ සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට, දෙපාර්ශ්වයම එකඟ වූහ. එසේම චීනය සහ දකුණු කොරියාව අතර උපායමාර්ගික හා සහයෝගික හවුල්කාරිත්වයේ අඛණ්ඩ සංවර්ධනය එක්ව ප්‍රවර්ධනය කිරීමට ද ඔවුහු එකඟත්වය පළ කළහ. චීනයේ දකුණු මුහුදේ සහ කහ මුහුදේ ධීවර හා ජලජීවී වගාව සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගත්හ.
More Stories
2025 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුව බෙයිජිංහිදී ඇරඹේ.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සර වෙනුවෙන් විශේෂ කලා ප්‍රසංගයක් සැප්තැම්බර් 03 බෙයිජිං හිදී
17 වන බ්‍රික්ස් නායකයින්ගේ රැස්වීමට එක් වීමට චීන අගමැති සූදානම්