විදේශයන්හි සිට පැමිණි 21 දෙනෙකු වෛරස ආසාධිතයන් බවට ඊයේ දිනයේදී තහවුරු කරගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 3092 දක්වා ඉහළ ගියා.
ඉන් 06 දෙනෙකු මාලදිවයිනේ සිටද,06 දෙනකු කටාර් සිටද,05 දෙනෙකු කුවේට් සිටද පැමිණ තිබුණා.
ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දීය ජාතික නාවිකයෙකුද ඊයේ දිනයේදී වෛරස ආසාධිතයන් ලෙස තහවුරු කරගත් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් විදේශිකයන් 11 දෙනෙකු ඇතුලු 201 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.
විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 1155 දෙනෙකු වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන අවසන්.
මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 54 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති