බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍ය හමුවට සහ 15 වන බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ රැස්වීමට චීන විදේශ අමාත්‍යවරයා සහභාගි වෙයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා එළඹෙන 28 වනදා සිට 30 වනදා දක්වා බ්‍රසීලයේ පැවැත්වෙන බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍ය හමුවට සහ 15 වන බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ රැස්වීමට සහභාගි වීමට නියමිතය.
බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුගේ හමුව එළඹෙන 28 වනදා සිට 29 වනදා දක්වා බ්‍රසීලයේ Rio de Janeiro හිදී පැවැත්වීමට නියමිතය. බ්‍රික්ස් රටවල සහයෝගිතා සහ පොදුවේ අවධානය යොමු කරන වත්මන් ගෝලීය හා ප්‍රාදේශීය ගැටළු සම්බන්ධයෙන් වං යී මහතා ඒ ඒ පාර්ශ්වයන් සමග අදහස් හුවමාරු කරමින් බ්‍රික්ස් රටවල නායකයන්ගේ 17 වන හමුවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා එහිදී පැවසීය.
More Stories
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්
පොදු ඉරණමක් වෙනුවෙන් පෙළ ගැසෙන චීනය හා මධ්‍යම ආසියාව