චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වියට්නාමයේ නිල සංචාරය අතරතුර අදාළ සහයෝගීතා ලේඛනවලට අත්සන් තැබිණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප අධ්‍යක්ෂ, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ වියට්නාමයේ VTV ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ Nguyen Thanh Lam මහතා, වියට්නාමයේ VOV ජාතික ගුවන් විදුලියේ අධ්‍යක්ෂ Do Tien Sy මහතා , වියට්නාමයේ මාධ්‍ය හා ප්‍රචාරණ ඇකඩමියේ අධ්‍යක්ෂ Pham Minh Son මහතා සමග වෙන් වෙන් ව අදාළ සහයෝගීතා ලේඛනවලට අත්සන් කළහ.
ඒ අනුව, චීන මාධ්‍ය සමූහය අදාළ ආයතන තුන සමග වෙන් වෙන් ව ස්ථිර සහයෝගිතා පවත්වනු ඇති අතර වැඩසටහන් තොරතුරු හුවමාරු කිරීම, ඒකාබද්ධ නිෂ්පාදනය, ඒකාබද්ධ ක්‍රියාකාරකම් පැවැත්වීම සහ මානව හුවමාරු කිරීම යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් පුළුල් කෙරෙනු ඇත.
චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, වියට්නාම කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් To Lam මහතා ද අදාළ ලේඛන අත්සන් තැබීමේ උත්සවයට එක්වූහ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්