අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (10) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා .
එම නිවේදනයෙන් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියේ ටෝකන් පත් නිකුත්කිරීම එම දිනවල මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි.
ඒ අනුව එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දිනවලදී ක්‍රියාත්මක නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති