ඇමරිකාවට අපනයනය කරන චීන භාණ්ඩ සඳහා “අන්‍යෝන්‍ය තීරුබදු” පනවන බව ඇමරිකානු රජය පසුගිය 2වැනිදා ප්‍රකාශ කළේ ය. ඊට එරෙහිව චීන රජය දැඩි ප්‍රතිපියවර ක්‍රියාත්මක කරයි.
ඒ අනුව 2025 වසරේ අප්‍රේල් මාසයේ 10වැනිදා සිට, වර්තමානයේ අදාළ ගාස්තු අනුපාතය මත පදනම්ව, ඇමරිකාවෙන් පැමිණෙන සියලුම ආනයනික භාණ්ඩ සඳහා චීනය 34% ක තීරුබදු පනවනු ඇත. ඒ “චීන මහජන සමූහාණ්ඩුවේ ජනරජයේ රේගු නීතිය” හා “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ වෙළඳ නීතිය” යන නීති රෙගුලාසි හා ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්මවලට අනුව, චීන රාජ්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව ය.
එමෙන්ම චීන වාණිජ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින්, ඇමරිකානු Skydio සමාගම ඇතුළු ඒකකයන් 11ක්, අද(4) සිට චීනය විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කළ බව සඳහන් කර ඇත.
මේ අතර චීන රේගු පරිපාලනය අද(4) ප්‍රකාශ කළේ, ඇමරිකානු සමාගම් 6ක නිෂ්පාදන චීනයට අපනයනය කිරීමේ සුදුසුකම් අත්හිටුවන බවයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්