2025 වසරේ චීනය හා ඇමරිකාව අතර සමුද්‍රීය යුද ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීමේ ක්‍රියාකාරී කණ්ඩායම් සමුළුව ශංහයි නගරයේ දී පැවැත්විය.
අප්‍රේල් 02 සහ 03 යන දෙදින පැවති එම සමුළුවේදී චීන හමුදාව හා ඇමරිකා හමුදාව සමානාත්මතාව හා ගරුකිරීම මත පසුගිය සමුළුවෙන් පසු සමුද්‍රීය හා ගුවන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවංක ලෙස අදහස් හුවමාරු කර තිබේ. චීනය හා ඇමරිකාව අතර මුහුදේ සැලසුම් නොකළ හමුවීම් සඳහා වන ක්‍රියා සංග්‍රහය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය ඇස්තමේන්තු කරමින් සමුද්‍රීය යුද ආරක්ෂක ප්රශ්නය ප්රශස්ත කිරීමේ පියවර දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ.
යුද නැව් හා ගුවන් යානා ආරක්ෂාව, ජාතික ආරක්ෂාවට සමීප සම්බන්ධතා ඇති බව චීනය පැවසීය. ඇමරිකා හමුදා යුද නැව් හා ගුවන් යානා චීන මුහුදු ප්‍රදේශයේ සෝදිසි කර බැලීම්, මැනුම් හා අභ්‍යාස කිරීම මගින් වැරදි පණිවුඩ පැතිර යා හැකි අතර එය චීනයේ ස්වාධිපත්‍යය හා ජාතික ආරක්ෂාවට හානියකි. ඒ සම්බන්ධයෙන් චීන හමුදාව නීත්‍යනුකූලව සියලු හදිසි ප්‍රතිචාර දක්වමින් ජාතික ස්වාධිපත්‍යය හා සමුද්‍රීය අයිතිවාසිකම් දැඩි ලෙස ආරක්ෂා කරන බව චීන පාර්ශ්වය එහිදී අවධාරණය කර ඇත.
More Stories
චීනයේ පරිභෝජන දිරිගන්වන ප්‍රතිපත්තියෙන් විදෙස් ආයෝජක විශ්වාසය වඩාත් තහවුරු වෙයි
ජපානය තායිවාන ධීවර නෞකාවක් සිය භාරයට ගැනීම සම්බන්ධයෙන් චීනයෙන් දැඩි විරෝධය
Harvard විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හා හුවමාරු ශිෂ්‍යත්ව වැඩසටහන් අවලංගු කිරීමට අදාල ඇමරිකානු රජයේ තීරණයට චීනයෙන් ප්‍රතිචාරය