චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානයට අයත් සේනාංක, තායිවාන සමූද්‍ර සන්ධි කලාපයේ මධ්‍යම ප්‍රදේශය හා දකුණු ප්‍රදේශය ආශ්‍රිතව අද (2) “Strait Thunder-2025A” නම් යුද අභ්‍යාසය පවත්වන බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානයේ ප්‍රකාශක කර්නල් ෂී යී මහතා ප්‍රකාශ කළේය.
පරීක්ෂා කිරීම, හඳුනා ගැනීම, අනතුරු ඇඟවීම, ඉවත් කිරීම, බාධා කිරීම සහ අත්අඩංගුවට ගැනීම් ආදී අභ්‍යාස කෙරෙහි එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත. එමගින් හමුදා කලාපීය පාලනය, ඒකාබද්ධ අවහිර කිරීම මෙන්ම නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පරීක්ෂා කරන බව ෂී යී මහතා පැවසීය.අදාළ අභ්‍යාසයන් හි දී ප්‍රධාන වරායන්, බලශක්ති සම්පත් පහසුකම් යන අනුකරණය කරන ලද ඉලක්කයන් ඇතුළත් වූ බවත්, ඒ වෙත නිවැරදි ප්‍රහාර එල්ල කරමින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කර ගත් බවත් චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානයේ ප්‍රකාශක කර්නල්වරයා පවසා ඇත.

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්