එකම චීනය මූලධර්මයට අනුව තායිවාන දූපත ආශ්රිත මුහුදු කලාපයේ නීති බලාත්මක කරමින් චීන වෙරළාරක්ෂක බලකාය මුර සංචාර සහ ආරක්ෂක මෙහෙයුම් අභ්‍යාස පවත්වයි. මේ බව චීන වෙරළාරක්ෂක බලකායේ නැගෙනහිර සමුද්‍රීය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Zhu Qing’an මහතා අද(1) ප්‍රකාශ කළේය.
ඒ අනුව චීන වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා කණ්ඩායම් රැසක් චීනයේ තායිවාන දූපත ආශ්රිත මුහුදු කලාපයේ මෙම අභ්‍යාස සඳහා සම්බන්ධ වූ බව හෙතෙම පැවසීය. ස්ථානීය පරීක්ෂා, අත්අඩංගුවට ගැනීම්, බාධා කිරීම ආදී අභ්‍යාස එහිදී සිදු කර ඇත. තායිවානය චීනයට අයත් පළාතක් වන හෙයින් එය එකම චීනය මූලධර්මයට අනුව නීත්‍යනුකූලව තායිවාන දූපත පාලනය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාවක් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
ASEAN-GCC-චීන සමුළුව කලාපීය සහයෝගීතාව නව යුගයකට යොමු කරයි – මැලේසියාවේ අගමැති
චීන ළමා පුරෝගාමීන්ගේ ජාතික සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ජපානයේ ජීවත් වන යෝධ පැන්ඩාවන් හතර දෙනෙක් ජුනි මාසයේදී යළි චීනයට