මෑතකදී විදේශ සමාගම්වල ප්‍රධානීන් චීන සංවර්ධන සංසදයේ 2025 වාර්ෂික සමුළුව, බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුව ඇතුළු අවස්ථාවන්වලට සහභාගි වී චීනයේ විවිධ ක්ෂේත්රවල පුද්ගලයන් සමග පුළුල් ලෙස සාකච්ඡා පවත්වා තිබේ. එමෙන්ම පසුගිය 28 වනදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ජාත්‍යන්තර කාර්මික හා වාණිජ ක්ෂේත්රයේ නියෝජිතවරුන් හමු විය. එය ජාත්‍යන්තරයේ අවධානයට ලක් වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(31) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ චීනය ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම හා උසස් මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව අනුගමනය කරන බවයි. දැවැන්ත වෙළඳපොල, ස්ථීර ප්‍රතිපත්ති අපේක්ෂාවන් මෙන්ම යහපත් සංවර්ධන පරිසරයකින් යුත් චීනය, ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් ව ඇත. චීනය සමග ව්‍යාපාරික කටයුතු සිදු කිරීමේදී නව සංවර්ධන අවස්ථා උදා වන අතර චීනයේ ආයෝජනය කිරීම අනාගතය සඳහා සිදු කරන ඵලදායී ආයෝජනයක් බව ෂී ජින්පිං මහතා සඳහන් කළ බව Guo Jiakun මහතා එහිදී පෙන්වා දී ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්