ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා පවසයි.
ඒ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට අද (04) උදෑසන එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ජනතාව රට හැර නොයන තත්ත්වයකට අනාගතයේ දී පත්වෙනු ඇති බවයි.
එමෙන්ම පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා සඳහන් කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති