ඇමරිකාව ඒක පාර්ශ්වික රේගු බදු විධිවිධානයන්ට එරෙහිව දැඩි විරෝධය පළ කරන බව චීන වාණිජ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයා පවසයි.
චීන වාණිජ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශක He Yadong මහතා ඊ (27)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ඇමරිකාව හා චීනය අතර නව වෙළඳ ගිවිසුමකට එළඹීමේ ඉඩක් තිබෙන බව පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
චීන වාණිජ්‍ය අමාත්‍යංශය, ඇමරිකාවේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව පවත්වා ගනිමින් සිටී. ඇමරිකාවේ ඒක පාර්ශ්වික රේගු බදු විධිවිධානයන්ට සැමවිටම විරෝධය පළ කරන චීනය, සිය නිත්‍යානුකූල අයිතිවාසිකම් ස්ථිර ලෙස සුරක්ෂිත කරන බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම සංවාදය මගින් ගැටළු විසඳා ගැනීමට චීනය කැමැත්තතෙන් සිටින බවද චීන වාණිජ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශක He Yadong මහතා ප්‍රකාශ කළේය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්