ආරාධනයකට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා සමග ඊයේ(24) පස්වරුවේ දුරකථන සාකච්ඡාවක නිරත විය.
චීන-රුසියා සබඳතාවට ආවේණික වූ ශක්තිමත් ගාමක බලයක් සහ සුවිශේෂී උපායමාර්ගික වටිනාකමක් ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එම සබඳතාව තෙවන පාර්ශ්වයක් ඉලක්ක කර නොගන්නා අතර කිසිදු තෙවන පාර්ශ්වයකින් ඊට බලපෑමක් එල්ල නොවන බව ද ඔහු කීය. චීනයේ සහ රුසියාවේ සංවර්ධන උපාය මාර්ග සහ විදේශ ප්‍රතිපත්ති දිගුකාලීන ඒවාය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීන-රුසියා සබඳතාව සුමටව ඉදිරියට යන අතර, එකිනෙකාගේ සංවර්ධනයට සහ පුනර්ජීවනයට සහාය වනු ඇත. මේ තුළින් ජාත්‍යන්තර සබඳතාවලට ස්ථාවරත්වය සහ ධනාත්මක ශක්තිය එකතු කරනු ඇති බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
චීනය සමඟ සබඳතාව වර්ධනය කර ගැනීම දිගුකාලීන ඉදිරි දැක්මකින් යුතුව රුසියාව සිදු කර ඇති උපායමාර්ගික තේරීමක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා එම අවස්ථාවේදී පැවසීය. වත්මන් තත්ත්වය යටතේ, රුසියාව සහ චීනය සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යාම, නව යුගයේ දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික සහයෝගතා හවුල්කාරිත්වයේ ආත්මයට අනුකූල වේ. ජාත්‍යන්තර කටයුතුවලදී රුසියාව සහ චීනය ස්ථාවර කාර්යභාරයක් ඉටු කිරීම පිළිබඳ ධනාත්මක සංඥාවක් ද මෙයින් නිකුත් කෙරේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ