චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය අද(12) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමරිකාව සහ ජපානය අතර අදාළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වා තිබේ.
තායිවාන ප්රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය එහිදී ප්‍රකාශ කළා ය. තායිවාන ප්රශ්නය භාවිත කරමින් වගකීම් විරහිත ප්‍රකාශ පළකිරීම සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් මෙම ඒකාබද්ධ ප්‍රකාශය තුළින් පැහැදිලි වන බව ද චීනය පෙන්වා දෙයි.
එකම චීනය ප්‍රතිපත්තිය සහ චීනය ඇමරිකාව සමග මීට පෙර ඇති කර ගත් එකඟතාවන් අනුගමනය කළ යුතු බවත්, තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් කිරීම නවත්වන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම තායිවාන ප්රශ්නයේදී ඓතිහාසික වගකීමක් ඇති රටක් ලෙස ජපානය අතීත අත්දැකීම් සිහිපත් කර, සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ