චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගුවෝ ජ්‍යාකුන් මහතා අද(8) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේදී Xizang ස්වායත්තයේ Shigatse නගරයේ භූමිකම්පා ආපදා සහන කටයුතු සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කළේය.
දැනට විපතට පත් ප්‍රදේශයේ ආපදා සහන කටයුතු දැඩි හා ක්‍රමවත් ලෙස සිදු කෙරෙමින් පවතී. මධ්‍යම රජය වෙන් කළ ප්‍රථම සහන භාණ්ඩ තොගය එම ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇත. භූමිකම්පාවෙන් හානි වූ සියළු මාර්ග යළි විවෘත කර ඇත. බොහෝ උපනගරවල විදුලි සැපයුම යළි ආරම්භ වී තිබේ. සන්නිවේදන සංඥා ද යථා තත්ත්වයට පත් කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ස්ථිර නායකත්වය යටතේ විපතට ලක් ජනතාවට ඉන් මිදී යළි සිය නිවෙස් ගොඩනඟා ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාස කරන බව ගුවෝ ජ්‍යාකුන් මහතා ප්‍රකාශ කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්