ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන “සමයං”ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු වූ ඉදුනිල් වජිර කුමාර හෙවත් “ඉන්ද්‍රා” නමැත්තා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් සමග අගෝස්තු 27 දින පොලිස් අත්අඩංගුවට පත් වූ ඉන්ද්‍රා අගෝස්තු 28 දින රාත්‍රියේ දී අපරාධ සඳහා භාවිතා කළ ආයුධ තොගයක් සඟවා තිබූ ඇඹුල්ගම ප්‍රදේශයේ ස්ථානයක් වෙත ගෙන ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුර පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උත්සහ දරා ඇති අතර එහිදී වෙඩි තැබිම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.
ඇඹුල්ගම ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගය ද පොලිස් භාරයට ගෙන නැවත ජිප් රථයෙන් පොලිසියට පැමිණෙමින් සිටියදී සුදුවිල ප්‍රදේශයේදී අත් මාංචු දමා තිබූ දෑතින් ජීප් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාගේ ගෙලට දමා තද කිරීමට ඉන්ද්‍රා නැමැත්තා කටයුතු කර ඇති බව පවසන පොලීසිය එහිදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව සඳහන් කළා. ජීප් රථය ද මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් වී තිබෙනවා.
මියගිය ඉන්ද්‍රා නැමැත්තා ද පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, කප්පම් ගැනිම් ආදි චෝදනා රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි අයෙකු බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති