චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, චීන ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි විනය පරීක්ෂණ පිළිබඳ මධ්‍යම කොමිසමේ සිව්වැනි පූර්ණ සැසිවාරයට එක් වෙමින් වැදගත් දේශනයක් පවත්වයි.
නව යුගයේ සිට, පක්ෂයේ විස්තීර්ණ සහ විනයානුකූල පාලනයක් හා දූෂණ විරෝධී කාර්යයන් ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සාහයන් පෙර නොවූ විරූ අතර, එහි ප්‍රතිඵල කැපී පෙනෙන බව ෂී ජින් පිං මහතා අද (6) පැවති එම සැසිවාරයේදී අවධාරණය කළේය.
දූෂණ විරෝධී මාවතේ නොපසුබටව ගමන් කළ යුතු අතර, දූෂණ සිදු කිරීමට බිය වන, ඒ සඳහා කිසිදු ඉඩක් නොමැති සහ ඒ පිළිබඳ අභිප්‍රායක් නොමැති සංස්කෘතියක් පක්ෂය තුළ බිහි කළ යුතු බව ඔහු කියාසිටියේය. දූෂණයට එරෙහි සටන අසීරු මෙන්ම, දිගුකාලීනව සිදු කළ හැකි නමුත් එය සම්පූර්ණයෙන් ජය ගැනීමට අධිෂ්ඨාන කර ගත යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්