Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව චීනය විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් නව තඹ ආකරයක් සොයා ගැනීමට පසුගිය දා සමත්ව ඇත. චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙලෙස සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20 කට වඩා වැඩි බවයි.
වාර්තාවලට අනුව, Qinghai-Tibet සානුව ආශ්‍රිතව Yulong, Duolong, Julong-Jiama සහ Xiongcun-Zhunuo යන ටොන් මිලියන ගණනක ධාරිතාවකින් යුත් තඹ සම්පත් පදනම් හතරක් පිහිටුවා ඇති අතර සම්පත් විභවය ටොන් මිලියන 150 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත. Qinghai-Tibet සානුව ගෝලීය මට්ටමේ තඹ සම්පත් පදනමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඊට අමතරව, Heilongjiang හි Duobaoshan තඹ ආකරයේ ද ගැඹුරු කොටස්වල තඹ සම්පත් ටොන් මිලියන 3.65 ක් එකතු කර ඇත. මෙම සොයා ගැනීම චීනයේ තඹ සම්පත් ආරක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති අතර චීනයේ හරිත බලශක්තිය සංවර්ධනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අනෙකුත් කර්මාන්ත සංවර්ධනයට ද සහාය දෙනු අත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්