මෙම වසරේ චීන ආර්ථිකයේ අඛණ්ඩ පුනරුදය සාක්ෂාත් කර ගැනීමට මෙන් ම ‘14 වන පස්අවුරුදු සැළැස්මේ’ සඳහන් ඉලක්ක ගුණාත්මක අයුරින් සම්පූර්ණ කිරීමට දැඩි ආත්ම විශ්වාසයක් සතු බව චීනය පවසයි.
චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ අද(03) පැවති ‘චීන ආර්ථිකයේ ගුණාත්මක සංවර්ධන ප්‍රගතීන්’ හඳුන්වා දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් විය. මෑතකාලීන මාසික දත්තවලට අනුව, වෙළඳපොළේ අපේක්ෂා ඉහළ ගොස් ඇති බවත් ආර්ථික ක්‍රියාකාරීත්වය සැලකිය යුතු අයුරින් ප්‍රකෘතිමත් වී ඇති බවත් චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ බලධාරීන් පවසා ඇත.
මේ අනුව, පසුගිය දෙසැම්බර් මාසයේ නිෂ්පාදන කර්මාන්තයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 50.1%ක් වූ අතර මාස 3ක් අඛණ්ඩ වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත. පසුගිය වසරේ මුල් මාස 11 තුළ රැකියා නියුක්තිය සඳහා යොමුව ඇති පුද්ගලියන් සංඛ්‍යාව එක්කෝටි දහනවලක්ෂ අසූදහසකි. මෙය, 2023 වසරේ එම කාලය හා සැසඳීමේදී එක්ලක්ෂ අසූදහසක වර්ධනයකි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්