චීන නැගෙනහිර ගුවන් සේවය චීනය දේශීය වශයෙන් සංවර්ධනය කරන ලද C919 ගුවන් යානාවක් යොදා ගනිමින් ෂැංහයි සහ හොංකොං විශේෂ පරිපාලන කලාපය අතර සාමාන්‍ය ගුවන් ගමන් අරඹයි.එම ගුවන් ගමන් මාර්ගයේ ප්‍රථම වරට එවැනි වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් සිදු කෙරුණු ප්‍රථම ගුවන් ගමනට මගීහූ 157දෙනෙක් එක්වූහ. චීන නැගෙනහිර ගුවන් සේවය C919 යානයක් හොංකොං වෙත වාණිජ ගුවන් ගමන් සඳහා ප්‍රථම වරට යොදා ගැනීම ඉන් සනිටුහන් වෙයි.එම මාර්ගයේ දෛනික ගුවන් ගමන් සිදු කිරීමට එම සමාගම අපේක්ෂා කරයි.
චීන නැගෙනහිර ගුවන් සේවය විසින් C919 වර්ගයේ ගුවන් යානා 105ක් ඇණවුම් කර තිබේ. C919 වර්ගයේ ගුවන් යානා යොදා ගනිමින් සිදු කෙරෙන සාමාන්‍ය වාණිජ ගමන්වල නව වැනි ගමනාන්තය බවට හොංකොං පත්වනු ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්