චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය අද(29) උදෑසන බෙයිජිංහි දී එළි දැක්විය.
CR450 අංක දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්දය සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක ජාත්‍යන්තර වශයෙන් ප්රමුඛ වන බව හෙළි වේ.

මෙම අධිවේගී දුම්රිය පරීක්ෂණ තත්ත්ව යටතේ පැයට කිලෝමීටර් 450 ක වේගයක් පෙන්නුම් කර ඇති අතර, සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 400 කි. මෙම දුම්රිය අනාගතයේ දී වාණිජ මට්ටමට රැගෙන ඒමෙන් පසු, අදාළ ස්ථාන අතර ගමනාගමනය සඳහා ගත වන කාලය සම්පිණ්ඩනය කළ හැකි අතර, එමඟින් මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන ඒමට ද විශ්වාස කෙරේ.

ඒ සමගම, සුවපහසු දර්ශකය වඩා යහපත් වන අතර, මැදිරිවල සේවා අවකාශය 4% කින් වැඩි වීමෙන්, විවිධාංගීකරණ, පහසු, සහ බුද්ධිමත් සේවාවන් මගීන්ට සැපයිය හැකිය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ