පාර්ලිමේන්තුව දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා, සහ 18 වැනි දා බදාදා පමණක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.
පසුගිය 06 වැනිදා කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීඑම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා.
දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 2.00 දක්වා පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන, එම විවාදය 2024.12.18 වැනි දිනට ද පැවැත්වීමට තීරණය කළ බව සඳහන්.
ඉන්පසු ප.ව. 2.00 සිට ප.ව. 5.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
දෙසැම්බර් 18 වැනි දා බදාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති