චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට වීසා සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව ඇමරිකාව ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ හොංකොං සම්බන්ධ ප්‍රශ්න මුවාවෙන් ඇමරිකාව චීන නිලධාරීන් වෙත අයුතු ලෙස වීසා සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවයි. චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බන්ධ නීතිය හා විදේශ රටවල සම්බාධකයන්ට එරෙහි නීතියට අනුව හොංකොං සම්බන්ධ ප්‍රශ්න අතින් අයහපත් ලෙස ක්‍රියා කරන ඇමරිකා ජාතිකයන් වෙත වීසා සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට චීනය තීරණය කර ඇති බව ඇය කීවාය.
චීනයට හිමි හොං කොං විශේෂ පරිපාලන කලාපයේ කටයුතු, චීන අභ්‍යන්තර කටයුතු ය. කිසිදු විදේශ බලවේගයක් හොංකොං කටයුතුවලට මැදිහත් වීමට විරුද්ධවීම සඳහා චීනයට දැඩි අධිෂ්ඨානයක් ඇති බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.
More Stories
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුමට චීනයේ අඛණ්ඩ සහාය
CELAC සමුළුවට එක් වූ ඉහළ පෙළේ නායකයින් චීන විදේශ අමාත්‍යවරයා හමු වෙයි
චීන-ඇමරිකා ජිනීවා සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය ජාත්‍යන්තරයේ පිළිගැනීමට