පසුගිය නොවැම්බර් මාසයේ දී චීන පාරිභෝගික මිල දර්ශක(CPI) අගයෙහි වර්ධනයක් පෙන්නුම් කරයි.
චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව, එම දර්ශකය, 2023 වසරේ අදාළ කාලය තුළ පෙන්නුම් කළ අගයට සාපේක්ෂව 0.2%කින් වර්ධනය වී ඇත. ඒ අනුව ගෙවුණු මස ආහාර මිලෙහි 1.0%ක වැඩි වීමක් පෙන්නුම් කර ඇති අතර, පාරිභෝගික භාණ්ඩ මිල පැවති මට්ටමට හා සමාන බව දක්නට ලැබේ. සේවා මිලෙහි ද 0.4%ක වර්ධනයක් එහි දැක්වෙයි.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා, චීනයේ පාරිභෝගික මිල දර්ශකය 2023 වසරේ එම කාලය තුළ පැවති අගය හා සැසඳීමේ දී 0.3%ක වර්ධනයක් ද පෙන්නුම් කරයි.
මේ අතර, නොවැම්බර් මාසයේ එම දර්ශකය ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවති අගයට සාපේක්ෂව 0.6%කින් අඩු වී ඇත.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්