ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශය වෙත ඇමරිකානු ඩොලර් කෝටි 38.5 ක අවි විකිණීමට අවසර දීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.
ඇමරිකාවේ මෙම ක්‍රියාවලිය එකම චීනයේ මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන උල්ලංඝනය කිරීමක් වන අතර එය චීනයේ ස්වෛරීත්වයට හා ආරක්ෂාවට තරයේ හානි කරන බව චීන විදේශ අමාත්‍යංශය අද (1) පැවසීය. ජාත්‍යන්තර නීතිය ද උල්ලංඝනය වන මෙම ක්‍රියාව, තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සහගත සංඥාවක් දියත් කරන අතර, චීන-ඇමරිකා සබඳතාවටත්, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයටත් හානි කර ඇත. ඇමරිකාවේ නායකයා දක්වා ඇති “තායිවාන බෙදුම්වාදීන්ට සහාය නොදීමේ” ආකල්පයට පටහැනි වන එම ක්‍රියාවට චීනය තරයේ විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දී ඇත.
එමෙන්ම තායිවාන ප්‍රදේශය අවිකරණය කිරීම හා තායිවාන බෙදුම්වාදීන්ට සහාය දීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. තම රටේ ස්වෛරීත්වය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා තම රට දැඩි ප්‍රතිචාර දක්වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්