19වැනි චීන-රුසියානු උපායමාර්ගික ආරක්ෂක සාකච්ඡාව පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්යක්ෂ සහ විදේශ ඇමති වං යී මහතා සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Sergey Shoigu මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව අද(12) බෙයිජිංහිදී පැවැත්විණ. දෙපාර්ශ්වය පොදුවේ සලකන වැදගත් උපායමාර්ගික ආරක්ෂක ප්රශ්නය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් අදහස් හුවමාරු කොට එහි දී නව එකඟතාවලට පැමිණ ඇත. චීන-රුසියානු සහයෝගිතා ශක්තිමත් කොට දෙරට අතර සබඳතා තහවුරු කරමින් ගෝලීය සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව දෙපාර්ශ්වය තීරණයකට එළඹ තිබේ.
චීන-රුසියානු සමීප හුවමාරු හා සම්බන්ධීකරණයෙන් බහුපාර්ශ්වික සහයෝගිතා තහවුරු කරමින් දෙරට සබඳතාවේ උසස් මට්ටමේ සංවර්ධනය සහ ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ප්‍රබල සහතිකයක් ලබා දීම සඳහා රුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව වං යී මහතා එහිදී පැවසීය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ