ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය එසේ ප්‍රකාශ කළේ අද(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලය චීනයේ විදේශ ප්‍රතිපත්තිය හෝ චීන-ඇමරිකා සම්බන්ධතාවයට කෙසේ බලපා හැකි දැයි එහිදී මාධ්‍යවේදියෙක් විමසීය.
ඊට පිළිතුරු ලබා දෙමින් ඇය පැවසුවේ ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බවයි. අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහජීවනය සහ සහයෝගීතාවෙන් පොදු ජයග්‍රහණ ලබා ගැනීම යන මූලධර්මයට අනුකූලව අඛණ්ඩව චීන-ඇමරිකා සම්බන්ධතාවය ක්‍රියාත්මක වන බව ඇය සඳහන් කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ