පදනම් විරහිත චෝදනා එල්ල කරමින් චීනය අපකීර්තියට පත් නොකරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ යුක්රේනය වෙත අවි සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(31) පැවැත්වූ විවෘත රැස්වීමකට එක්වෙමිනි.
චීනය රුසියාවට දක්වන සහාය තීරණාත්මක බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකාවේ නිත්‍ය උප නියෝජිතයා එහිදී කිසිදු පදනමකින් තොරව අඛණ්ඩ ව චීනයට චෝදනා කරමින් පැවසීය.
එම ප්‍රකාශයට විරුද්ධත්වය පළ කරමින් Geng Shuang මහතා සඳහන් කළේ රුසියා-යුක්රේන අර්බුදයට අදාළ කිසිදු පාර්ශ්වයකට චීනය අවි සපයා නොමැති බවයි. ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන් හා වෙළඳ නීති-රීතිවලට අනුව, චීන ව්‍යවසායන් රුසියාව, යුක්රේනය ඇතුළු විවිධ රටවල් සමග නිසි අයුරින් ආර්ථික හා වෙළඳ සහයෝගිතා පවත්වයි. එබැවින් එය පදනම් විරහිත චෝදනාවක් වනු ඇත. ඇමරිකාව, දේශපාලන ක්‍රම ඔස්සේ යුක්රේන අර්බුදය විසඳා ගැනීමට සැබෑ දායකත්වයක් ලබා දිය යුතු අතර සාමය වෙනුවෙන් ජගත් ප්‍රජාව දැරූ ප්රයත්නයන්ට කිසිසේත් බාධා නොකළ යුතු බව ද ජගත් සංවිධානයේ චීන උප නියෝජිතයා අවධාරණය කර ඇත.
More Stories
චීන ජනපති නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ වැදගත්කම අවධාරණය කරයි
ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2025 වසරේ දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර සංවර්ධනය පිළිබඳ සංසදයට චීන ජනාධිපති ගෙන් සුබ පැතුම්
වෙනස්කම් කිරීමේ පියවර නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීම