ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ඇතුලු රජයේ ප්රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, එම අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබුණා.
එහි මූලික පියවරක් ලෙස විදෙස් ගමන් බලපත්‍රය මුද්‍රණයට අවශ්‍ය පහසුකම් පළමුව ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
මේ වනවිට මුද්දර, ඡන්ද පත්‍රිකා, වීසා ස්ටිකර් ආදිය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කෙරෙනවා.
ඉදිරියේ දී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යොදා ගෙන ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර මුද්‍රණය මගින් විශාල මුදලක් ඉතිරි කරගත හැකි බවයි ඒ මහතා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති