හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.
ඉදිරි මහ මැතිවරණය සඳහා ඒ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයෙනුයි නාම යෝජනා භාර දී තිබෙන්නේ.
රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
පෙත්සම ගොනුකර තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ. එම් මහින්ද සේනානායක යන අයයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති