රජය ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග සමඟ මත්ද්‍රව්‍ය බන්ධනාගාර වලට ලැබීම බොහෝදුරට වැළකීම හේතුවෙන් ඉකුත් සතියේ දී රැඳවියන් තිදෙනකු දිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අනාවරණය කර සිටියා.
මේ අතර ඊයේ (24) සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය,මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාර වල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.
“විශේෂයෙන් ම බන්ධානාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා මෙම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා මෙම නිලධාරීන් බන්ධනාගාරය ට ඇතුළු වන නිලධාරීන්, සිරකරුවන් පරීක්ෂා කරනවා..” යනුවෙන් ඒ මහතා පැවසීය.
“බන්ධනාගාර වලට මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ නැති නිසා පසු ගිය සතියක කාලය තුළ මත්ද්‍රව්‍යය ට හුරු වූ බන්ධනාගාර රැඳවියන් අසහනකාරී ලෙස හිටියා.
පසුගිය සතියේ ඒ අතුරින් තිදෙනෙකු දිවි නසා ගත්තා..” යනුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් පැවසී ය.
මේ අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පොළොව යට ආරක්ෂිත ව වළ දමා තිබූ ජංගම දුරකතන 19 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා..
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති