චීන ජනාධිපති ෂී ජින් පිං මහතා BRICS නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය පැහැදිලි කරයි. ඒ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ය.
මෙවර සමුළුමේදී ෂී ජින් පිං මහතා විවිධ මට්ටමේ නායක සමුළු මෙන්ම “BRICS +” නායකයින්ගේ සංවාදය සහ අනෙකුත් ක්‍රියාකාරකම්වලට සහභාගී වෙමින් වැදගත් දේශන පැවැත්වීමට නියමිත බව Mao Ning මහත්මිය පැවසුවාය. වත්මන් ජාත්‍යන්තර තත්ත්වය, BRICS ප්‍රායෝගික සහයෝගීතාව, BRICS යාන්ත්‍රණයේ සංවර්ධනය සහ පොදුවේ අවධානයට ලක්වන කරුණු පිළිබඳව ද ෂී ජින් පිං මහතා විවිධ රටවල නායකයන් සමග පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව ඇය එහිදී සඳහන් කළාය.
විස්තීර්ණ BRICS සහයෝගීතාවයක් ස්ථාවර හා දිගුකාලීන ලෙස සංවර්ධනය කිරීමටත්, “ගෝලීය දකුණේ” සමගිය සහ ස්ව-ශක්තියෙන් යුත් නව යුගයක් ඇරඹීමටත්, ලෝක සාමය හා සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමටත් චීනය සියලු පාර්ශ්ව සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Mao Ning මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්