අන්හුයි පළාත චීන කොමියුනිස්ට් පක්ෂ 20වැනි ජාතික කොංග්‍රසයේ හා පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසියේ ජීවගුණය විදහා දක්වමින් නව සංවර්ධන සංකල්පය පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින් බහුවිධ ප්රතිලාභ සහිත ක්ෂේත්‍ර මනා ලෙස සංවර්ධනය කර ගත යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා උපදෙස් දී තිබේ.
ඔහු එසේ පැවසුවේ මෑතකදී අන්හුයි පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. සැලකිය යුතු බලපෑමක් කළ හැකි විද්‍යා තාක්ෂණික මූලස්ථානයක්, නවීන කර්මාන්ත එක් වූ ප්‍රදේශයක්, ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ප්රමුඛ කර ගත් ප්‍රදේශයක්, ආර්ථික හා සමාජ සංවර්ධනයේ පූර්ණ හරිතකරණයකින් යුත් කලාපයක් ලෙස අන්හුයි පළාත නිර්මාණය කිරීමට අඛණ්ඩව කැප විය යුතු බව ඔහු කියා සිටියේය.
රටේ සමස්ත සංවර්ධන සමග සිය උසස් ගුණාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් සුන්දරත්වයෙන් පිරි පළාතක් ලෙස අන්හුයි පළාත ගොඩනැගීමේදී වඩාත් කැපීපෙනෙන ප්‍රගතීන් දිනා ගනු ඇතැයි ද චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ‘අන්හුයි පළාතේ නව පරිච්ඡේදයක්’ නිර්මාණය කෙරෙනු ඇතැයි ද අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය