ලෙබනන- ඊශ්‍රායල සටන් විරාමය ක්‍රියාත්මක කිරීම ප්රමුඛ කටයුත්තක් බව චීනය පවසයි.
ප්‍රංශයේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(10) ලෙබනන-ඊශ්‍රාලය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විය. ලෙබනන-ඊශ්‍රායල සටන් විරාමය ක්‍රියාත්මක කිරීම ප්රමුඛ කටයුත්තක් බවට පත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා එහිදී ප්‍රකාශ කළේය.
ලෙබනනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව උල්ලංඝණය කිරීම වහාම නතර කරන ලෙසත් කලාපය නව ව්‍යසනයකට ගෙන යා හැකි දරුණු ක්‍රියා නතර කරන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත.
දෙරට අතර ගැටුම් අවසන් කිරීම, සටන් විරාමයක් ක්‍රියාත්මක කර ප්රචණ්ඩ ක්‍රියා නතර කිරීම සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට අනුබල දීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බහුතර සාමාජිකයින් පූර්ණ එකඟතාවකට පැමිණ ඇති බව හෙතෙම සඳහන් කළේය. තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා ප්‍රමාදයකින් තොරව සහ වැරදි සිදු වීමට ඉඩ හැරීම වහාම නතර කරමින් සැබවින්ම ඵලදායී කාර්යභාරයක් ඉටු කරන ලෙස චීනය ඇතැම් රටවලින් ඉල්ලා සිටින බවද Fu Cong මහතා එහිදී අවධාරණය කර ඇත.
More Stories
චීන ජනපති නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ වැදගත්කම අවධාරණය කරයි
ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2025 වසරේ දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර සංවර්ධනය පිළිබඳ සංසදයට චීන ජනාධිපති ගෙන් සුබ පැතුම්
වෙනස්කම් කිරීමේ පියවර නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීම