‘බෙයිජිං ප්රකාශනය’හා ‘ක්‍රියා වැඩසටහන’සම්මත කිරීමේ 30 වැනි සංවත්සරය සැමරීම සඳහා චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉදිරිපත් කළ යෝජනාවට රටවල් 30කට වැඩි සංඛ්‍යාවක් සහාය දක්වයි.
ඊයේ(9) පැවති එම කවුන්සිලයේ 57වැනි රැස්වීමේදී ඩෙන්මාර්කය, ප්‍රංශය, කෙන්යාව සහ මෙක්සිකෝව වෙනුවෙන් චීනය ඉදිරිපත් කළ එම යෝජනාවට පුළුල් සහයෝගයක් ලැබුණු අතර රටවල් 112 ක සහාය හිමි වී තිබේ.
වසර 30 කට පමණ පෙර, බෙයිජිං හි පැවති සිව්වැනි ලෝක කාන්තා සම්මේලනයේ දී,‘බෙයිජිං ප්රකාශනය’ හා ‘ක්‍රියා වැඩසටහන’සම්මත කළ අතර එය ලෝකයේ කාන්තාවන්ගේ වෘත්තීය සංවර්ධනයේ සන්ධිස්ථානයක් වී ඇති බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා පැවසීය. මෙම යෝජනාව ‘බෙයිජිං ප්රකාශනයේ’ ජීවගුණය වැඩි දියුණු කිරීම අරමුණු කර ගත් අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කර අභියෝගවලට සහයෝගීව මුහුණ දීම සඳහා විවිධ පාර්ශ්වයන්ගේ පොදු අභිලාෂය ද පිළිබිඹු කරයි.
ප්‍රංශය, ෆින්ලන්තය, ගැම්බියාව, සුඩානය, ඩොමිනිකාව, චිලී, ආර්ජන්ටිනාව සහ ජපානය යනාදී රටවල් යෝජනාව සම්මත කිරීමේ දී අදහස් දක්වමින් මෙම වැදගත් මුලපිරුම සඳහා චීනය ප්‍රමුඛත්වය ගැනීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළහ. ‘බෙයිජිං ප්රකාශනයේ’ ජීවගුණය යටතේ ලොව පුරා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු බව ද ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය