චීනය තොරතුරු පද්ධති ක්‍රියාත්මක කිරීමේ හැකියාව අනුව ලෝකයේ ඉහළම ස්ථාන අතරට පැමිණ ඇත.
චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රධාන ඉංජිනේරු Zhao Zhiguo මහතා පසුගිය දා Henan පළාතේ Zhengzhou නගරයේ පැවති තොරතුරු පද්ධති ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳ 2024 චීන සමුළුවට එක් වෙමින් ඒ බව පැවසීය. චීනයේ තොරතුරු පද්ධති ක්‍රියාත්මක කිරීමේ සමස්ත හැකියාව 246EFLOPS දක්වා ළඟා වූ අතර, එය ලෝකයේ ඉහළම ස්ථාන අතරට පැමිණි තිබීම විශේෂත්වයකි.
තොරතුරු පද්ධති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය සඳහා පදනමයි. මෑත වසරවලදී, අදාළ ආයතන එහි විස්තීර්ණ සැපයුම් හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා පියවර රැසක් ක්‍රියාත්මක කර ඇත. මේ වන විට, කර්මාන්ත, අධ්‍යාපනය, වෛද්‍ය සත්කාර සේවා, බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල තොරතුරු පද්ධති ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳ යෙදුම් ව්‍යාපෘති 13,000කට වඩා පවතින අතර, ජාතික හරිත දත්ත මධ්‍යස්ථාන 246ක් ද නිර්මාණය කර තිබීම ද කැපී පෙනේ.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්