ගම්පහ, මොරගොඩ ප්‍රදේශයෙන් ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ 500 ක් සොයා ගෙන තිබේ.ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය කළ වැටලීමකින් ය.
පොලීසිය පැවසුවේ දැනට අත්අඩංගුවේ පසුවන සැකකාරියකගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු සඟවා තිබූ මෙම උණ්ඩ තොගය සොයා ගත් බවයි.
දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් තිබූ නිවසක වැසිකිළි වලේ සඟවා තිබියදී මෙම උණ්ඩ තොගය සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, පසුගියදා හෝකන්දර ප්‍රදේශයෙන් සොයා ගත් ගිනි අවි ජාවාරමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් කරන ලද විමර්ශනවලින් පසු මෙම උණ්ඩ තොගය සොයා ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති